Colombo Today Local News

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

gnanasara_thero_bandanagara

රක්‍ෂිත බන්ධනාගාරගත කර මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට පැමිණෙන පිරිස් වෙත සීමා පැනවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවෙකු බැලීම සදහා දිනකට අවසර හිමිවන්නේ තුන් දෙනෙකුට පමණයි. කෙසේවෙතත් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බැලීමට අදාළ සීමා නොසලකා ඉකුත් දිනවල ගිහි පැවිදි බොහෝ දෙනෙකුට අවස්ථාව හිමි වුණා.

මෙම සහනය ඉවත් කර උන්වහන්සේ බැලීමට පැමිණෙන පිරිස් සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ ඊයේ (06) දිනයේ සිටයි. ඊයේ දිනයේ පමණක් 40 කට වැඩි පිරිසක් හරවා යවා තිබෙනවා. බොදුබල සේනා ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාද ඒ අතර සිටි අයෙක් බවයි බන්ධනාගාර ආරංචි කියාසිටියේ.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මහානායක හිමිවරුන් වෙත ලියන ලද පෞද්ගලික ලිපියක් ඉකුත්දා මාධ්‍යවල පළ වි තිබුණා. මෙතෙක් උන්වහන්සේට ලබාදී තිබූ සහනය ඉවත් කිරීමට ආසන්නම හේතුව මෙය විය හැකි බවයි ඇතැම් පාර්ශව පවසන්නේ.

කෙසේවෙතත් මෙම ලිපියෙන් පසු ඥානසාර හිමිගේ සුවදුක් විමසා සහ තොරතුරු විමසමින් බන්ධනාගාරය වෙත ඊයේ දිනයේ සිට විශාල දුරකතන ඇමතුම් සංඛ්‍යාවක් ලැබෙන බවද සඳහන්.

Related posts

විදෙස් ත‍්‍රස්තයන්ගේ දත්ත ගබඩාවට පිවිසීමට ඉන්ටර්පෝල් ශී‍්‍ර ලංකාවට අවසර දෙයි

colombotoday

ලැබෙන පළමු අවස්ථාවේම මේ ආණ්ඩුව පෙරළනවා…

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ සහය ජනපති මෛත්‍රීට..!

colombotoday

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද-බැසිල් එරෙහි වෙයි..!

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

Admin