දකුණු පළාතේ ගුරුවරුන් 78දෙනෙකුට මේ වන විට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිමල් දිසානායක මහතා පැවසුවේ මේ වන විට එම පළාතේ පාසල් සිසුන් 148දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
කොවිඩ් ආසාදිත වැඩිම සිසුන් සහ ගුරුවරුන් පිරිස වාර්තා වන්නේ හම්බන්තොට සහ ඇල්පිට ය කලාප වලින් බව ඒ මහතා පැවසීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ක්‍රියාකිරීම නිසා එම පාසල් කිසිවක් වසා දැමීමට අවශ්‍ය නොවූ බවත්, නමුත් නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් කොවිඩ් ආසාදිතයින්වීම නිසා ඇල්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික පාසලක් පමණක් වසාදමා තිබේ.