Covid 19

කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්

කෙරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා 4 වන මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා සදහන් කරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී වත්මන් සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ අවධානය යොමු වූ බවයි.

එන්නත්කරණ කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇතැයි ද ඔහු පවසයි.

ලේකම්වරයා සඳහන් කරන්නේ, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ, අවශ්‍යතාව මත සිදු කිරීමට පියවර ගන්නා බවයි.

පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වන්නේ නම් එම ප්‍රදේශ හඳුනා ගෙන ආවේක්ෂණ පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75 කි.

කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ වාර්තා කළේ ය.

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 217 දක්වා ඉහළට

colombotoday

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතයා ෆේස්බුක් සටහනක් තබමින් කල අනාවරණයක්

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday