Colombo Today Local News

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා වධහිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ විභාගය ජනවාරි 30 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (16)දින කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එම අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සූදානම් බව ත් එම වීඩියෝ සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බව ත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, නඩු විභාගය කල්තබන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ නඩුවේ විභාගය දැනටමත් වසර හයක් පමණ ප්‍රමාද වී ඇති බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු අමල් රණරාජා සඳහන් කර ඇත්තේ එම නඩු විභාගය අවසන් වශයෙන් ජනවාරි මස 30 වන දා දක්වා කල් තබන බව ය.

ඒ අනුව, එදින නඩුව අනිවාර්යෙන් ම විභාගයට ගන්නා බවට විනිසුරුවරයා නියෝග කර තිබේ.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිපතිවරයා අදාළ නඩුව ගොනු කර තිබිණි.

එම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට අධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබ තිබිණි.

Related posts

“අනුර දිසානායක අද ඇක්ට් කරන්නේ පොළේ මුදලාලිගේ කොල්ල‍ගෙ පාට් එක” – ජානිපෙ

colombotoday

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

colombotoday

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin

මද්දුම බණ්ඩාරගෙන් දැඩි දේශපාලන තීන්දුවක්

colombotoday