Colombo Today Local News

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 75,000 ක තොගයක්‌ පෙරේදා (12 දා) සවස පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක ගබඩාවක තිබී මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සහල් තොගය වෙළෙඳ සල්වලට බෙදා හැරීම සඳහා සූදානම් කරමින් තිබූ බවද එම නිලධාරීහු පැවසූහ.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලද තොරතුරක්‌ මත අදාළ සහල් මෝල වටලා සිදුකළ විමර්ශනවලදී එම සහල් ගුල්ලන් සහ පණු කැදලි සහිතව තිබූ බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු, මෙම සහල් තොගය මේ වන විට සීල් තබා ඇති බවත් එහි සහල් සාම්පල රජයේ රස පරික්‍ෂකවරයා වෙත යෑවීමට පියවර ගත් බවත් හෙතෙම කීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සුනිල් ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ ජයන්තිපුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩී. එම්. එස්‌. එස්‌. අමරසූරිය. තඹාල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඊ. ඒ. නුවන් ප්‍රබෝධන, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්‌. ඩී. බාලචන්ද්‍ර, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නෙවිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කළහ.

Related posts

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමට තීරණයක්….

Admin

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

colombotoday

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

colombotoday

අවන්හලකට ගිය කොස්තාපල්ට පිරිසක් පහරදීලා

Admin

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday