Colombo Today Local News

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

සමගි ජනබලවේගය පක්ෂය විසින් ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිත උද්ඝෝණයට සමගාමීව කඩුවෙල, නවගමුව, මාළඹේ, සහ අතුරුගිරිය යන පොලිස් බල ප්‍රදේශයන්හී උද්ඝෝෂණ නොපවත්වන ලෙසට නියෝග කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (15)ඩින ​ආඥාවක් නිකුත් කළේය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (1) (3) (5) වගන්ති ප්‍රකාරව මෙලෙස ආඥාවක් නිකුත් කර ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන්, සමගි ජනබලවේගය පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසකටය.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කඩුවෙල, නවගමුව, තලංගම, මාළඹේ සහ අතුරුගිරිය යන පොලිස් ස්ථාන කළ ඉල්ලීමකට අනුවය.

Related posts

රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සහ වාහන ඉවත් කිරීමට ජනාධිපති නියෝග කරයි

colombotoday

විදුහල්පතිවරයෙකුගෙන් ලක්ෂ 202ක් ලබා ගැනීම : පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක‍්‍රියාකරු රිමාන්ඞ්

colombotoday

ලොහාන් රත්වත්තට යළිත් ඇමතිකමක්

colombotoday

‘මහබැංකුව කොල්ලකෑ අර්ජුන්ගේ කනේ මයිලක් ගලවා පෙන්වන්න‘ – රන්ජන්ට අභියෝගයක්

colombotoday

තහනම් සංවිධානවලට ආයුද දුන් යාපනයේ තරුණයෙක් අල්ලයි

colombotoday