අයවැයට සහාය දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
අද (15) පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව, ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් එම සාකච්ඡාවට පැමිණීමට නියමිත බව වාර්තාවේ.
මෙහිදී අයවැයට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡාකිරීමට සැලසුම් කර තිබේ.
මීට අමතරව යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ආණ්ඩුව සහාය පළකරන එම දේශපාලන පක්ෂ 11 මීට පෙරද අවස්ථා කිහිපයකදී විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.