Colombo Today Local News

චීනයෙන් ලැබෙන ඩීසල් ගොවිතැනට නොමිලේ

චීන ආධාර යටතේ ලංකාවට ලැබෙන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් ගොවිතැන් කටයුතු සඳහා නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

චීන රජය ලංකාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබා දීමට රජයට එකඟත්වය පළ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

එම ඉන්ධන වලින් ලීටර් මිලියන 7.5ක් හෙවත් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට නියමිතය.

දැනට රට පුරා මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීම සිදු කෙරෙන අතර, හිඟයකින් තොරව ගොවිතැනට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා‍ කටයුතු යොදා ඇත.

චීන ආධාර යටතේ ලැබුනු මෙම ඉන්ධන තොගය මෙම වසරේ දෙසැම්බර් මස වනවිට මෙරටට ලැබීමට නියමිත බැවින් මෙරට ගොවීන්ට අස්වනු නෙලන අවස්ථාවේදී එම ඉන්ධන ගොවීන් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Related posts

ප්‍රහාර සම්බන්ධයෙන් CIDය හේමසිරිගෙන් පැය 9ක ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

colombotoday

දප්පුල ද ලිවේරා ගේ තැනට සංජය රාජරත්නම් ගේ නම අනුමැතියට යවයි.

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday