පොලිස් නිලධාරියෙක් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එම වාර්තාව අද(14) දිනයේ ලැබීමට නියමිත බව එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසූවාය.
අදාළ වාර්තාව ලද වහාම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කළා ය.