Colombo Today Local News

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් , මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ (10) රාත්‍රී සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

පොලීසිය පවසන්නේ, ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන වාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල, මාවතගම, ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවරට ගමන් කිරීමට හැකි බවයි.

ඊට අමතරව රථවාහනවලට මාවනැල්ල නගරයේ එස් ඕ හන්දියෙන් දකුණට හැරී හෙම්මාතගම මාර්ගයේ හෙම්මාතගම, අම්බුළුවාව, ගම්පොළ, පේරාදෙණිය හරහා මහනුවර ගමන් කිරීමේ හැකියාව තිබේ.

මහනුවර සිට කොළඹ දක්වා පැමිණන වාහනවලට ද එම මාර්ගයන් ම භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කඩුගන්නාව පලතුරු වෙළඳසල් පිහිටි ප්‍රදේශය නායයාමේ අවදානමකට ලක්ව තිබීම හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ රාත්‍රී 10 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ පස්වරුවේ තීරණය කළේ ය.

මේ අතර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කාලගුණික තත්ත්වය පහව යනතුරු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන්බිමන් සීමා කරන ලෙසයි.

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

Related posts

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin

“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැති

colombotoday

කරාපිටියේ වෛද්‍යවරයෙක් ස්කෑන් පරීක්ෂණයට ගිය දැරිය අපයෝජනය කරලා

colombotoday

රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ නව ලේකම් අරුණි විජේවර්ධන

colombotoday