Colombo Today Local News

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

මාතර මාලිම්බඩ උතුර ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (10) අලුයම තම බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර නැන්දම්මාට ද පොල්ලකින් පහර දී තුවාල සිදු කර ඇතැයි මාලිම්බඩ පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ ගීතානි කලුආරච්චී (33) නැමැති එක් දරු මවකි.ඇය ඇගලුම් සේවිකාවක ලෙස රැකියාව කර තිබෙන බව කියයි.

මෙම අපරාධයෙන් පසු යුද හමුදාවෙන් පලා ආ සෙබලෙකු බව කියන ඇගේ සැමියා තම අවුරුදු දෙක හමාරක් වයසැති දරුවාද රැගෙන එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබු අතර පසුව ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ බාර වී තිබුණි.

පවුල් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී තිබෙන බව පොලීසිය සදහන් කරයි.

හිසට තුවාල සිදුව ඇති 54 හැවිරිදි නැන්දම්මා වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටී.ඝාතනයට ලක්වු කාන්තාවගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

සැක පිට අත්අඩංගුවට ගත් සැකකාර සැමියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මාලිම්බඩ පොලීසියේ ස්ථානාධිපති ජේ.සී.අලවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

ජවිපෙට ආණ්ඩුව දීල බලන්න.. නියමෙට කරල පෙන්නනවා

colombotoday

තැන තැන වෙඩිතැබීම් වලින් පුද්ගලයින් 44ක් මිය ගිහින්

Admin

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday