Colombo Today Local News

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පෙනී සිටිය යුතු බවට ගෙන තිබෙන තීරණය වසර තුනකින් කල් දමන ලෙස නීති අධ්‍යයන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (10)දින පැවසීය.

ඇමැතිවරයා මෙසේ පැවසූවේ එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව දෙන්නේදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරංවංශ විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

බහුතරයකගේ ඉල්ලීම් අනුව එම විභාගයට මවුබසින් පෙනී සිටීමට අයිතිය දෙන ලෙස නීති අධ්‍යයන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව කී ඇමැතිවරයා විභාගයට ඉංග්‍රීසි බසින් පමණක් පෙනී සිටිය යුතු බවට සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් එය මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බවද සඳහන් කළේය.

තමා කළ ඉල්ලීමට එම සභාවෙන් ලැබෙන ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව එක්ක හවුලේ බෙදා ගන්නවා’ – කබීර් හෂීම්

colombotoday

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

මාළිගාවත්තේ පාසලකට මැදපෙරදිග රටකින් කෝටි 25ක්.. සල්ලිවලට වෙච්ච දෙයක් නැතිලු !

colombotoday

ජල විදුලි උත්පාදනයට ප්‍රමාණවත් ජලය නැහැ – මහවැලි අධිකාරිය

Admin

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin