Colombo Today Local News

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් යළි නියෝගයක්

සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය මාර්තු මස 16 වනදා දක්වා දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද (11)දින නියම කර තිබේ.

රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේදී අහියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදුන්නේය.

පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතාට පෞද්ගලික හේතුවක් මත අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන හෙයින් එම නඩුව සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඉල්ලීමක් කළේය.

එමෙන්ම රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ලෙස ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ඉල්ලීමක් කර තිබේ.

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කර තිබෙන එම නියෝගය පිළිබඳව කථානායක වරයා ඊයේ (10) දින ප්‍රකාශයක් සිදුකළ බවත් කථානායකවරයා එම නියෝගය වැරදි ලෙස වටහා ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

Related posts

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය සදහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට 7500ක්

colombotoday

ශ්‍රීලනිප ය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

colombotoday

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

සභාපති නැති මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි

Admin