Colombo Today Local News

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පුරවසන්කුලම විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා සෙට්ටිකුලම පොලීස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10)දින සවස 3ට පමණ එම වැටලීම සිදුකර ඇති අතර සෙට්ටිකුලම පොලිස් වසමේ රංකෙත්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කළුගල් වැඩපලක බලපත්‍ර කල් ඉකුත්ව තිබිය දී එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට පත් ද්‍රව්‍ය අතර, ගල් වෙඩි බෙහෙත් කිලෝ 3ක්, ආරක්ෂිත සේවා නූල් මීටර 291 යි සෙන්ටිමීටර 93ක්, වෝටර් ජෙල් 48ක්, සාමාන්‍ය ඩෙටනේටර් 11ක් හා ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 149ක් ද වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 64ක් වු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සැකකරු අද (11)දින වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් සුරාබදු නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin