Colombo Today Local News

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

පාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන්නාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හේමන්ත පුෂ්පකුමාර කුමාර නොහොත් ගංජා හේමන්ත 45 නමැත්තෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පදිංචි නිවසේ නොසිට ආරක්ෂාව පතා වෙනත් නිවසක කාමරයක නිදා සිටියදී තියුණු ආයුධ දෙකක් රැගෙන එම නිවසට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු නිදාසිටි ඇද මතදීම ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ගංජා ජාවාරමේ යෙදෙන්නෙක් වන අතර තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ වූවෙක් බවත් ඊට අමතරව ඔහුට විරුද්ධ ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක් ද විභාග වන බවත් පොලිසිය කියයි.

තවද කාන්තාවක් සම්බන්ධයෙන් ආරවුලක් ද තිබෙන බවටත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඝාතනයට පැමිණි පුද්ගලයන් දෙදෙනා මෙතෙක් හඳුනා ගෙන නැතැයි පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Related posts

රහස් ඡන්දය ඡායාරූපගත කළොත් වසර 7කට මැතිසබයේ අසුන් තහනම්

colombotoday

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

Admin

ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටින තෑග්ග ගුවන්තොටුපල රේගු නිලධාරින්ට හසුවෙයි

colombotoday

කොස්තාපල්වරයෙකුගේ ගිනි අවිය පත්තු වී නිලධාරියෙකුට තුවාල

Admin

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday