Colombo Today Local News

ශ්‍රී ලංකාවේ එන්නත් සහතික බ්‍රිතාන්‍ය පිළිගනී: පිළිගන්නා එන්නත් වර්ග මෙන්න

බ්‍රිතාන්‍ය පිළිගන්නා ශ්‍රී ලංකාවේ එන්නත් සහතික එන්නත් මෙන්න

පූර්ණ එන්නත්කරණ නීති යටතේ ශ්‍රී ලංකාවේ එන්නත් සහතිකය අද (01)දින සිට එක්සත් රාජධානියට ඇතුළුවීමේදී පිළිගන්නා බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව එක්සත් රාජධානිය විසින් පිළිගනු ලබන එන්නත් වර්ග මෙසේයි.

  • Oxford/AstraZeneca
  • Pfizer BioNTech
  • Moderna
  • Janssen

මීට අමතරව AstraZeneca Covishield, AstraZeneca Vaxzevria සහ Moderna Takeda එන්නත් ද එක්සත් රාජධානියේ අනුමත එන්නත් වේ.

පූර්ණ එන්නත්කරණ නීතිය යටතේ සංචාරකයින් එක්සත් රාජධානියට පැමිණීමට අවම වශයෙන් දින 14කට පෙර පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව ඔප්පු කළ යුතු වේ.

තව ද සංචාරකයින්ට ඔවුන්ගේ උපන් දිනය ඇතුළුව අවම දත්ත ඇතුළත්ව ජාතික මට්ටමේ මහජන සෞඛ්‍ය ආයතනයකින් අදාළ එන්නත් සහතිකයක් ලබා දී තිබිය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති ලාංකීය සංචාරකයින් එක්සත් රාජධානියට පැමිණීමට පෙර පැය 48 තුළ මගී ස්ථාන පෝරමයක් සම්පූර්ණ කළ යුතු අතර 2 වන දිනය අවසන් වීමට පෙර සිදු කළ යුතු COVID-19 පරීක්ෂණයක් සඳහා මුදල් ගෙවීම ද සිදු කළ යුතු වේ.

තව ද පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති සංචාරකයින් මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර වෙනත් රටක සිට එක්සත් රාජධානියට ගමන් කරන්නේ නම්, පැමිණීමෙන් පසු සම්පූර්ණ දින 10 ක් ඔවුන් රැඳී සිටින ස්ථානයේ නිරෝධායනයට ලක් විය යුතු ය.

Related posts

ඔඩ්ඩුසුඩාන් කම්හලේ වැඩ DSI සමාගම ආරම්භ කරයි

colombotoday

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් අද

Admin

ඩොලර් මිලියන 11ක කිරි හරක් මගඩියක්? – හිටපු ලේකම්වරියක් CID කැඳවයි!

Admin

සංහිදියාවේ ප්‍රගතිය බලන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෝ 2ක් දිවයිනට

colombotoday

විදේශ ඇමති රට පාවා දුන්නා.. මානව හිමිකම් වාර්තාව එන්නේ ආණ්ඩුවේ එකගතාවයෙන් !

colombotoday