Colombo Today Local News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් සිදුකරන ලද විමර්ශනවලට අනුව හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව හඳුනාගෙන ඇති පොලිසියේ 37 දෙනකු සේවයෙන් ඉවත් කිරීම හා පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තීරණය කර තිබේ.

මෙම 37 දෙනා අතරින් 28 දෙනකුම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට හා විවිධ ඒකකවලට අනුයුක්තව රාජකාරියේ නිරත අය බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සියලුම පොලිස් ස්ථාන හා පළාත තුළ ස්ථාපිත ඒකකවල ස්ථානාධිපතිවරුන් විසින් කරන ලද විමර්ශන හා ඔවුන් වෙත ලැබී ඇති තොරතුරු මත පදනම්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන්ගේ නම් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පසුගියදා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබිණි. ඔවුන්ට එල්ල වන මෙම චෝදනා විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණවලට අනුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇත.

Related posts

අපි ඇබා සංගීතය රස වින්දා ටිල්වින් කියයි

Admin

ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශ්නයට විසැඳුමක් නොවේ – එක්සත් ජාතික පක්ෂය

colombotoday

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

colombotoday

ජනපතිගේ එකම අපේක්ෂාව බැදුම්කර චෝදනාවෙන් අගමැති නිදහස් කරගැනීමයි.. විශේෂ ප්‍රකාශයෙන් ඒ බව තහවුරුයි

colombotoday

දුම් සහතික ආදායමෙන් රු4500ක් ‘අක්බාර්ට සහ ලාෆ්ට’.. ආණ්ඩුවට 10% පමණයි.. කොමිස් කුට්ටිය කා අතටද?

colombotoday