අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු ස්ථාන මාරුවීම් ඒකකයට ගුරුවරුන් කැඳවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් ගුරුවරුන් ස්ථාන මාරු ඒකකයට කැඳවීම අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව ජාතික පාසල් ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් 011 2 784 434 / 011 2 785 141 හෝ 1271 සහ 1272 යන ක්ෂණික දුරකථන ඇමතුම් අංක ඇමතීමෙන් ඒ පිළිබද දැනුම් දිය හැකි බව එම අමාත්‍යංශය පැවසීය.
මීට අමතරව [email protected] ඊමේල් ලිපිනයටද ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධ ගැටලු ඉදිරිපත් කළ හැකිය.