මැතිවරණ කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවකයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනයන වී ඇති බව වාර්තා වේ.
කොවිඩ් ආසාදිතයා පිළිබඳව ආනාවරණය වීමත් සමඟ මැතිවරණ කොමිසමේ සියලුම අංශ අද (11)දින හා හෙට (12)දිනයේ වසා දමා ඇති බව වාර්තා වේ.
ඔහු කොමිසමේ තවත් අය සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මෙලෙස කොමිසම වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව කොමිසමේ කටයුතු ලබන සඳුදා (15)දින සිට යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.