Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ යනවා..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවුනහොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ ගොස් සාධාරණය ඉටුකරන්නා බව මැල්කම් කාදිනල් රංජිත් අද(11)දින අවධාරණය කළා.

පෙරවරුවේ කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමා ඉල්ලු නමුත් මේ වෙනතෙක් එය නොලැබුණ බව ද උන්වහන්සේ කියා සිටියා.

“හැකි ඉක්මනින් පිටපතක් ලැබෙන්න සලස්වන්න ලෙස ඉල්ලීමක් කළා. අන්න එතකොට අපිට ඒ ප්‍රශ්නයට විසඳුම් සොයාගන්න පුළුවන්. පාස්කු ප්‍රහාර කොමිසමට මමත් සාක්ෂි දුන්නා. ඒ වෙලාවෙදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් නෙමෙයි මේ ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද කියලා හොයන්න කියලා.“ යනුවෙන් ද එතුමන් එහිදී සඳහන් කළා.

Related posts

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා වාර්තාව සභාගත කිරීම හෙට

colombotoday

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

colombotoday

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

Admin