Colombo Today Local News

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

vigneshwaranඊයේ (09) රාත්‍රියේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පූජකතුමා අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වුණි.

මන්නාරම රදගුරු නිවසේදී මෙම සාකච්ඡාවේදී දෙමළ මහජන කමිටුව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.

උතුරු පළාත් දෙමළ වැසියන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සදහා දෙමළ මහජන කමිටුව ස්ථාපිත කෙරුණි. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් වැසියන්ගේ ගැටලුවලට නිසි විසඳුම් ලබා නොදෙන බැවින් මෙම කමිටුව ස්ථාපිත කළ බවයි.

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පූජකතුමන් පසුගිය කාලයේ අසනීප තත්ත්වය හේතුවෙන් සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටි බවට වාර්තා වේ.

Related posts

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

colombotoday

කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

Admin

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

colombotoday

නාමල් අත්අඩංගුවට?

Admin

විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කිරීම ආණ්ඩුවේ නිවටකමක් !

colombotoday

ස්ථාන මාරුවීම් ලැබූ සුරාබදු මානව සම්පත් කොමසාරිස් තවම කාර්යාලයේ : නව පත්වීම් ලැබූ නිලධාරියා අසරණ වෙයි

colombotoday