Colombo Today Local News

පැමිණිලි 108ක් ලැබී ඇති තාත්තයි-පුතයි, බෑණයි බුර්කාවකින් සැරසී වෙස් වලාගත් දුවලා දෙන්නයි රිමාන්ඩ්

යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළැයි කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දිසානායක මුදියන්සේලාගේ විජේරත්න (පියා) සංඛ ලක්මාල් දිසානායක,(පුතා) ඉෂාරා සඳමාලි දිසානායක(දි්‍යණිය)විනද්‍යා දිසානායක(දියණිය) සහ කේමින්ද දෙනවක් (බෑනා) යන පස් දෙනාය.

සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බුර්කාවකින් සැරසී වෙස්වලාගෙන සිටි බවත් විශේෂ මෙහෙයුමක් අත්අඩංගුව ගත් බව කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 108 ලැබී ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි 17ක් ඇතුළුව කොළඹ අධිකරණ සියල්ලේම මෙයට අදාල පැමිණිලි ලැබී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන ඒකක පහ හී ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් දන්තනාරායන මහතා විසිනි.

Related posts

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

colombotoday

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

Admin

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

අනුරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin