Colombo Today Local News

“එයා මැරුණේ උඩු මහලෙන් පැනලා.. අපි ගැහුවේ නෑ” පොලීසිය නිදහට කරුණු කියයි

13421362015-L

ඇඹිලිපිටියේ පැවති සාදකදී ඇතිවූ සිද්ධියකින් මියගිය තරුණයා මරණයත් පත්වූයේ මහල් තුනක ගොඩනැගිල්ලකින් පැනීම නිසා බවත් පොලීසිය එම තරුණයාට පහර දුන්නේ නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

මෙම සාදය පැවැත්වෙන ස්ථානයට පොලිස් ජංගම මුර සංචාරයේ නිරත නිලධාරීන් දෙදෙනෙකු යෑම ඉතාම සාධාරණ හේතු මත සිදුව ඇති බවත්, අවස්ථා කිහිපයකදීම දුරකථන ඇමතුම් කිහිපයක් මගින් එම ස්ථානයේ ගැටුම්කාරී තත්ත්වයක් පැවති බවට පොලීසිය දැනුවත් කර තිබුණු බවත් ඔහු කියා සිටියි.

එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුව‍ට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එක් පුද්ගලයෙකු මහල් තුනකින් යුතු ‍ගොඩනැඟිල්ලේ තෙවන මහලේ වීදුරු කවුළු දෙකක්ද කඩාගෙන බිමට පැන ඇති බවත්, මිය ගොස් ඇත්තේ එම පුද්ගලයා බවත් ගුණසේකර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි පිරිස් මෙන්ම නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන ආකරයට පොලීසිය විසින් පහරදී අදාල පුද්ගලයා ඉහළ මාලයෙන් පහලට තල්ලුකර දමා ඇතිබව සදහන්ය.

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

Admin

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

colombotoday