පාර්ලිමේන්තු මන්ත්රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරි පොලිස් සැරයන්වරයා නිට්ටඹුව නගරයේ දී වෙඩි තබා සහ පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 39දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ පවසයි.
මොවුන්ගෙන් අතරින් 38ක් තවමත් රිමාන්ඩ් බාරයේ පසුවන බවද වාර්තාවේ.
ගාලුමුවදොර සහ අරලියහ මන්දිරය ඉදිරිපිට අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රටපුරා ඇති වු ප්රචණ්ඩ ක්රියා අතරතුර ප්රචණ්ඩකාරි පිරිසක් නිට්ටඹුව නගරයේ දී මොටර් රථයකින් ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්රි අමරකීර්ති අතුකෝරළ මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටි පොලිස් සැරයන්වරයා ට පහර දී වෙඩි තබා ඝාතනය කර තිබිණි.