Colombo Today Local News

කුවේට් ගිය ගෘහ සේවිකාවගේ ගෙල කැපු මළ සිරුර ශ්‍රී ලංකාවට

කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් ව ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 39ක් වු මහව ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (09)දින උදෑසන 8.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඝාතනයට ලක්වු කාන්තාවගේ මෘත ශරීරය මෙරටට ගෙනැවිත් ඇති බවය.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එහිදී ඇයව පසුගිය අප්‍රේල් මස 13 වන දින කුවේට් රාජ්‍යයේ දී ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් ගෙල කපා ඝාතනය කර ඇති බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2019 වර්ෂයේ දී අදාළ කාන්තාව කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේ දී මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, අද (10) දිනයේ දී මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය උලාකන ආණ්ඩුව සහ මාධ්‍ය මර්ධන පනත

Admin

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

colombotoday

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර සමුගනියි !

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday