අමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් ප්‍රදේශයෙන් සමූහ වෙඩිතැබීමක් වාර්තා වේ.
එහිදී තුවක්කුකරුවකු විසින් කළ වෙඩි තැබීමෙන් 6 දෙනෙක් මියගොස් ඇති අතර පසුව ඔහුද සියදිවි නසාගෙන තිබේ.
ඊයේ එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පැවසීය.
පවුල් කිහිපයක් එක්වී සාදයක් පවත්වමින් සිටින අතර එම ස්ථානයට පැමිණි තුවක්කුකරු එහි සිටි වැඩිහිටියන් ට වෙඩිතබා තිබේ.
තුවක්කුකරු එම ස්ථානයේ මියගිය එක් තරුණියකගේ පෙම්වතා බව පොලීසිය පැවසීය.
එම ඝාතනයට හේතුව අනාවරණය වී නොමැත.