Colombo Today Local News

රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගන්න රජය ගිවිසුම්ගත වෙයි

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගිවිසුම්ගත වී තිබේ.

එහි සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, එන්නත් මිලදී ගැනීමට අදාළ ගිවිසුමට ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහ ස්පුට්නික් එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනයේ නියෝජිතයන් ඊයේ (31)දින අත්සන් කළ බවය.

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදි ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.

එම ගිවිසුම අනුව ස්පුට්නික් එන්නත් තොගයේ පළමු කොටස ලබන මස මැද මෙරටට ලැබීමට නියමිතය.

සෙසු එන්නත් තොග මැයි සිට දෙසැම්බර් දක්වා කාලයේ ලබා දීමට එම ආයතනය එකඟතාවය පල කර ඇති බව ද දිනූෂ දසනායක මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගියේ ය.

ඒ ,තවත් කොරෝනා මරණ 2ක් ඊයේ වාර්තා විමත් සමගිනි.

වත්තල ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් හා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගියේ ය.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 244 දෙනෙකු ඊයේ (31)දින හඳුනා ගත්තේ ය.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92 706 කි.

කොරෝනා ආසාදිතයින් 161 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,251 ක් දක්වා ඉහළ ගියේ ය.

ආසාදිතයින් 2781 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

colombotoday

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

ගොවීන්ගෙන් 50% කගේ පොහොර සහනාධාර මුදල් දී නැහැ.. මූල්‍ය ප්‍රතිපාදනත් අවසන්.

Admin

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin