වරායේ සිරවී ඇති මෙරටට ආනයනය කළ කිරිපිටි තොග නිදහස් කරගැනීමට බැංකු මගින් තවමත් තමන් වෙත ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හෝ බංග්ලාදේශය වෙත ප්රති අපනයනය කිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනයකරුවෝ පවසති.
ඊයේ (30)දින දක්වාම මෙම ගැටලුවට රජයෙන් විසදුම් නොලැබීම නිසා තමන් ආනයනය කළ, වරායේ රදවාගෙන සිටින කිරිපිටි තොග මෙලෙස ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප්රතිඅපනයනය කිරීමට අපේක්ෂා කරන බව කිරිපිිටි ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කරයි.