Colombo Today Local News

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

ratupaswalaසති දෙකක් ඇතුළත රතුපස්වල ප්‍රශ්නවලට විසඳුන් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ අරඹන බව රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා ඊයේ (30) ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහායද ලබා දෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සහ රාවය මාධ්‍යවේදීන් තරිඳු උඩුවරගෙදර මහත්වරු කීහ.

රතුපස්වල ජල ගැටළුව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට හිතා මතා පහර නොදුන් බව හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ඒ දිනවල ප්‍රකාශ කළ බවත්, ගම්වැසියන්ට හා මාධ්‍යවේදීන්ට යුද හමුදාවෙන් පහර දුන් බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත්, ඒ සම්බන්ධයෙන් රුවන් වනිගසූරිය මහතා දැන් ප්‍රකාශයක් කළ යුතු බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති රාවය මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා කීවේය.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

එහි දී අදහස් දැක්වූ ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා මෙසේ ද කීවේය.

‘‘ගම්පහ හිටපු දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහත්මයා, ගම්පහ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොනිකා මානප්පෙරුම, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස් කේ උපාලි, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න ආදී පිරිස් වතුර ප්‍රශ්නය පටන් ගනිද්දිම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් මෙච්චර ප්‍රශ්නය දුර දිග යන්නේ නෑ.

රතුපස්වල උද්ඝෝෂණ මාලාව පටන් ගත්තේ 2013 ජූලි 27. මේ ප්‍රශ්නය ගැන අපි ජූලි 16 වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට සහ ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැන්වුවා. වැලිවේරිය ස්ථානාධිපතිට තිබුණා මේක ගැන සොයා බලා කම්හලට නඩු දාන්න. නමුත් කළේ නෑ. ගමේ ප්‍රශ්න සොයා බලනවා වෙනුවට ඔහු ගම්වාසීන් ආරවුලට ආවා. රාජකාරි පැහැර හැරි ඒ පොලිස් නිලධාරියාට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට වත්මන් රජයෙන් ඔහු කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළා.

දින කිහිපයක් මිනිස්සු උද්ඝෝෂණ කරද්දී ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබුණා. ජල ගැටළුව ගැන ආයතන දහයකින් වාර්තා කැදවන්න එහිදි තීරණය වුණා. අද වෙනකම් ඔහු ඒ වාර්තා එළියට දැම්මේ නෑ. යපාලන ආණ්ඩුව යටතේ ඔහු අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස පත් කළා. එදා වාර්තා එළියට දැම්මේ නැත්තේ ඇයි කියා අද ඔහු රටට හෙළි කළ යුතුයි.

2013 අගෝස්තු පළමු වැනි දා තමයි වෙඩි තිබ්බේ. එදින උදේ බ්‍රිගේඩියර් දේශප්‍රිය කිව්වා බලන් ඉඳපල්ලා හවස තොපිට වතුර දෙනවා කියලා. ඉන් පස්සේ හවස ඇවිදින් වෙඩි තිබ්බා. අපි මේ ආණ්ඩුවට අවුරුද්දක් කල් දුන්නා. තවත් සති දෙකක් කල් දෙනවා. තව සති දෙකක් ඇතුළත අපට සාධාරණයක් නොවුනොත් යුද හමුදාවෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණු වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගිහින් පැල් බැඳගන්නවා. අපි පාරට බැස්සට පස්සේ සාකච්ඡා කරන්න එන්න එපා. ආයෙත් වෙඩි තියලා මරලා දාලාම තමයි මිනිස්සුන්ව අයින් කරන්න වෙන්නේ.‘‘

Related posts

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

“තිස් අවුරුද්දක් සමස්ථ රණවිරුවන් කළ කැප කිරීමට සමාන කැපකිරීමක් රට වෙනුවෙන් මාත් කරමින් ඉන්නවා” -ජනපති

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday