Colombo Today Local News

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

highspeedලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය.

NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව තිබුණි.

නමුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.

nethfm

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

රාසික්ට වැඩ වරදී – බුදුන්ට අපහාස කල නඩුවේ ඇප අවලංගු වෙන ලකුණු

colombotoday

නිවාස වැසිකිළි හැදීමට 2019 අයවැයෙන් වෙන්කල මුදල් සජිත්ගේ මැතිවරණ ප්‍රචාරයට !

colombotoday

සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසියට තග දායි

colombotoday

සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට හෙට සිට භූමිතෙල්

Admin

වැලි ප්‍රවාහන බලපත් ඉවත් කිරීමෙන් රට පුරා ගං ඉවුරු වනසමින් වැලි හාරති.. පරිසර සංවිධානයන්ගේ දැඩි විරෝධය

colombotoday