Colombo Today Local News

අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (09)දින අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

සැකකරුවන්ව අද (10)දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ඔවුන්ව ලබන 15වනදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ, ඔහුගේ බිරිඳ සහ ඔහුට නවාතැන් සැපයූ නිවසේ හිමිකරු එම සැකකරුවන් තිදෙනාය.

රුපියල් කෝටි 300 ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

Related posts

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

colombotoday

කැළණි සිසුන්ට බඩකට පුරා කදුළු ගෑස්.. අධිපීඩන ජල ප්‍රහාර !

colombotoday

පිරිමින් අතර ඒඞ්ස් පැතිරීම තුන් ගුණයකින් ඉහළට

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බව විදේශ අමාත්‍යංශ ලේකම් කියයි

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday