Colombo Today Local News

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

කොළොන්නාවේ ඇළ මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් හමුවූ බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කරන්නේ, ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගත් බවයි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති අතර ඔහුගේ, ඥාතීන් පැමිණ මිය ගිය පුද්ගලයා හඳුනාගත් බව පොලීසිය පවසයි.

කොළඹ අලුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර ඇති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා කොළඹ පොලිස් මෘත ශරිරාගාරයට රැගෙන ගිය බව පොලිසිය ප්‍රකාශ කරයි.

මේ අතර බම්බලපිටිය හා වැල්ලවත්ත වෙරළ තීරවල තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (10)දින හමුවී තිබිණ.

අද (10) දහවල් වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබූ මෙම මළ සිරුරුවල අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.

Related posts

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

ලොව වටා රැගෙන ගිය කහවත්තෙන් හමු වූ ලොකුම මැණික් පොකුර කටුනායකට

Admin

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

මුස්ලිම් අන්තවාදී පිරිසක් අරිසිමලේ ආරාන්‍යයේ දාන ශාලාවේ බලෙන් පදිංචි වෙයි.. දායකයන්ට පහරදෙයි !

colombotoday

පාසල් වසා දැමීම තවත් සතියකින් දීර්ඝ කරයි

colombotoday