Colombo Today Local News

ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කළ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව අදාළ විමර්ශනය ක්‍රියාත්මක බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් අනියුක්ත කර තිබේ.

ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම මෙන්ම ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය,

මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම සම්බන්ධයෙන් එහිදී විගණනයට ලක් කෙරෙනු ඇති.

අදාළ විගණනයට අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා බව විගණකාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සමාලෝචන වාර්තාව ජනපතිට

colombotoday

අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉවත් වෙන්නේ නෑ…

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

colombotoday

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday