World

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මනුෂ්‍ය බිලි පූජාවක් සිදු කිරීමට කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලිසිය පවසන්නේ ඝාතනයට සම්බන්ධ යුවළක් සහ තවත් පුද්ගලයෙක් සිටින බවයි.

මෙම කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමට පෙර දැඩි වධ හිංසා ලබා දී ඇති බවද එරට පොලිසිය සඳහන් කරයි.

මෙම අපරාධය පිළිබඳව ඝාතකයන් විසින් පාපොච්චාරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ඝාතන මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කරන ලද චාරිත්‍රයක කොටසක් බවට සැක කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඝාතනයට ලක්වූ මෙම කාන්තාවන්ගේ බවට සැක කෙරෙන මිනිස් අස්ථි කොටස් අඟහරුවාදා(11)දින පතනම්තිත්ත දිස්ත්‍රික්කයේ ඝාතකයෙකුගේ නිවසක් අසලින් ගොඩ ගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වළෙන් ගොඩගත් විකෘති වූ සිරුරු කොටස් හඳුනාගැනීමට එම කාන්තාවන්ගේ පවුල්වල සාමාජිකයන් අපොහොසත් වීමත් සමග අස්ථි කොටස්වල DNA සාම්පල පරීක්‍ෂණ සඳහා යවා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පද්මම් සහ රොසිලි යන කාන්තාවන් බව එරට පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ 57 හැවිරිදි පද්මම් ධර්මපුරම් දිස්ත්‍රික්කයෙන් පැමිණ කොචිහි ජීවත් වූ අතර ඝාතනයට ලක්වූ අනෙක් කාන්තාව වන 49 හැවිරිදි රොසිලි ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ සිට කාලඩි චන්ද්‍රිකා නගරයේ ජීවත්වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

Related posts

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin

යුක්‍රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

Admin

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday

මොක්සි අඟහරු මත ඔක්සිජන් නිපදවයි

colombotoday