Colombo Today Local News

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසකගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා පිරිසක් අද(10)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාරදී තිබේ.

ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත පියතුමා, කොළඹ සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂක ලෝරන්ස් රාමනායක පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිපපලක් ද සහ නීතිඥ මහත්වරුන්ද පැමිණ ඇත.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ද අනුදැනුම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල කළ බව ජූඩ් ක්‍රිසන්ත පියතුමෝ පැවසූහ.

Related posts

හීනෙකින්වත් වාහනයක් ගැන හිතනව බොරු.. ඊයේ මහ රෑ වඩිකළ බද්දෙන් වාහන මිළ දෙගුණයකින් නගී

colombotoday

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

colombotoday

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday