Colombo Today Local News

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව 7500කට උසස් වීම්

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය මත මෙම උසස්වීම් ලබාදී ඇති බව හෙතෙම පවසයි.

යුද හමුදාවේ 73 වන සංවත්සරය සහ යුධ හමුදා දිනය අද (10) දිනට යෙදී තිබිණි.

උසස්වීම් ලද මෙම පිරිස අතර නිලධාරීන් 372 දෙදෙනෙකුත් සහ සෙසු නිලයන් 7127 පිරිසක් සිටින බව යුද හමුදා ප්‍රකාශකවරයා කීය..

උසස්වීම් ලද නිලධාරීන් අතර යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු මේජර් නිලයත්, ලුතිතන් නිලයේ නිලධාරීන් 63 දෙනෙකු කපිතන් නිලයටත්, සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 93 දෙනෙකු ලුතිතන් නිලයටත් වශයෙන් මෙම උසස් වීම් සිදු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මන්ත්‍රී පියල් නිශාන්ත මාධ්‍ය හමුවේ බොරු කියයි…

colombotoday

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

colombotoday

සැගව සිටින රිෂාඩ්ගේ බිරිඳගෙන් CIDය ප්‍රකාශයක් ලබා ගනී

colombotoday

මිලේනියම් සිටී මහා පාවාදීමේ වැරදිකරුවන්ට උසස් වීම්, තානාපති තනතුරු දීලා.. ලක්ෂ ගණන් හිග වැටුප් සහිතව විශ්‍රාම වරප්‍රසාද

colombotoday

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin