Colombo Today Local News

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

ශ්‍රී ලංකාවෙි බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයකදී මෙි කරුණු අනාවරණය වූ බව කී අමාත්‍යවරයා මෙරට වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය හා නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය, වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද පවසයි.

කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

රට ජාතිය රැකුණේ ඓතිහාසිකව පන්සලේ දේශපාලනය කල නිසා – පන්සල් වලට බය මැකෝට පිළිතුරක්

colombotoday

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

colombotoday

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

colombotoday

ඇමති අකිල රජයේ මුදලින් එක්ලක්ෂ තිස්දාහක ‘ටැබ්’ එකක් අරන්. ගත්තේ ඊමේල් බලන්නලු

colombotoday

සංදර්ශන නවතා උගන්ඩාවේ සඟවා ඇති මුදල් ගෙන එන ලෙස දන්වයි

Admin