Colombo Today Local NewsUncategorized

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (1)ට යෙදී ඇත.

මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම පෙර දරුවන්’ යන්නය.

මේ නිමිත්තෙන් ඔක්තෝබර් මස අවසන් වනතෙක් විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම වැඩසටහන්වල මූලික පියවර ලෙස අවිධිමත්ව ඇති පෙර පාසල් විෂය පතය විධිමත් කිරීම සඳහා පෙර පාසල් ගුරුවුන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ශිෂ්‍යත්ව 1500ක් අද දින ලබාදීමට නියමිතය.

මීට අමතරව පෙර පාසල් දරුවන් වෙනුවෙන් පුංචි අපේ පෙර පාසල් නමින් රූපවාහිනී නාළිකාවක්ද අද දින ආරම්භ වන අතර මෙරට ඇති සියලුම ළමා නිවාසවලට පරිඝනක 700ක් ඇතුළුව පරිගණක මධස්ථාන 379ක් ලා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ලෝක ළමා දිනය නිමිත් කොටගෙන අද සිට අම්මාවරුනේ, සහන් එළිය, පරිසර ළමා බළකාය යන වැඩසටහන් මෙන්ම මහියංගණය ආදිවාසී ගම්මානය මූලික කොටගෙන කැකුළන්ගේ ළමා දිනය ආදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ අතර මෙවර වැඩිහිටි දින සැමරුම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ද සහභාගීත්වයෙන් සූම් තාක්‍ෂණය ඔස්සේ රටපුරා වැඩිහිටියන් සම්බන්ධ කරගනිමින් සංකේතවත්ව සැමරීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම මාර්ගගත ක්‍රමවේද ඔස්සේ වැඩිහිටි දක්‍ෂතා ඇගයීමේ වැඩසටහනක් ද ඉදිරියේදී පැවැත්වීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇතැයි එහි ප්‍රකාශකයෙක් සදහන් කරයි.

Related posts

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

12,000 ක් සිටිය යුතු බන්ධනාගාරයේ‍ 25,300ක් රඳවලයි ඉන්නේ

colombotoday

අගමැති උගන්ඩාවේ ඩොලර් බිලියන 10 ක් ආයෝජනය කලද? සෙරනිට් ගෲප් සමාගමෙන් නිවේදනයක්

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin

වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්

Admin

2024 ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

Admin