Colombo Today Local News

රෝගය රටට ඇවිත් වසර එක හමාරකට වැඩි කාලයක් වෙලා තියෙද්දිත් ආණ්ඩුවෙන් තියෙන්නේ කයිවාරුයි පම්පෝරි විතරයි..

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර තිබේ.

එම උපකරණ ඉදිරි දිනවලදී කොළඹ ජාතික රෝහල, IDH රෝහල, කරාපිටිය රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, නාගොඩ මහ රෝහල ඇතුළු රෝහල් වෙත ලබා දීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මහතා,

රෝගය රටට ඇතුළුවෙලා වසර එක හමාරකට වැඩි කාලයක් ගතවෙලා තියෙද්දිත් ආණ්ඩුව පැත්තෙන් ගත්තොත් කයිවාරු පම්පෝරි ඇරෙන්න මේකට හොඳින් මැදිහත් වීමත් සිද්ධ වෙන්නේ නෑ. විද්‍යාත්මක මැදිහත් වීමක් සිද්ධ වෙන්නෙ නෑ. අත්‍යවශ්‍ය උපකරණ බෙහෙත් ලබාදීමත් හරි ආකාරව සිද්ධ වෙන්නේ නෑ ලබා නොදෙනවා නෙවෙයි. හැබැයි නිසි ආකාරව ලැබෙන්නේ නෑ. සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට රෝගය සමග සටන් කරන්න වෙලා තියෙන්නෙ දුශ්කර අඩු පහසුකම් සහිතව. ආණ්ඩුවට මේකට මැදිහත් වෙන්න කෙනා බලපෑම කරන අතරම අනිත් පැත්තෙන් අපට පුළුවන් විදිහට දේශපාලන ව්‍යාපාරයක් හැටියට පුරවැසියන් විදිහට රෝගය සමග සටන් වදින සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට අපේ පැත්තෙන් කරන්න පුළුවන් උදව් හැටියට අපි මේ භාණ්ඩ ප්‍රමාණය රෝහල්වලට ලබා දෙන්න කල්පනා කළේ.

Related posts

රෝහණ විජේවීර යළි උපදියි !!(Photo)

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙළිකළ ශ්‍රී ලංකාව තැබූ වාර්තාවක් ගැන පාඨලී කියයි

Admin

කුඩා තේවතු හිමියන්ට සහනාධාර ක්‍රමයකට යූරියා බෙදා දිමට පියවර

Admin

ආයතන කිහිපයක් මුදල් අමාත්‍යංශය යටතට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin