Colombo Today Local News

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සඳහා මේ මස 17 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

එම ප්‍රතිශෝධන පෙත්සම් අද (01)දින නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් හදිසි අවශ්‍යතාවක් සැලකිල්ලට ගෙන එම පෙත්සම ගොනුකර ඇති හෙයින් එය සලකා බැලීම සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු 17 වනදා කැඳවන ලෙසත් එදින ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට ව්‍යජ ලෙස ගිනි අවි හඳුන්වාදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

වෙඩි නොවදින වාහන ගෙන්වන්නේ නෑ – සජිත්ගෙන් තවත් ජනපති පොරොන්දුවක්

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

colombotoday

තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කීවේ බොරු

colombotoday

ලංකාව ISIS මධ්‍යස්ථානයක්.. ඇමරිකාව අනතුරු අගවයි ! මුස්ලිම් සංක්‍රමණික තහනමකට උපදෙස්

colombotoday