Colombo Today Local News

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ ෆසාල් නිසාර්ගේ සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් සිටින බව CIDය හෙළිකරයි

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර පවතින සංහිඳියාවට හානිකර ආකාරයේ ප්‍රකාශ හා භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හානි වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන පුද්ගලයා ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.

මොහොමඩ් ෆසාල් නිසාර් නමැති සැකකරු විසින් පවත්වාගෙන ගිය සන්නිවේදන ජාලයක් තුළ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියෙහි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව මෙම සැකකරු විසින් අදාළ සන්නිවේදන ජාලය පවත්වාගෙන ගොස් ඇති බවය.

එම සන්නිවේදන ජාලය තුළ පුද්ගලයින් 494 දෙනෙකු පමණ සිටින බවත් ඊට මුස්ලිම් දේශපාලනඥයෙකු ද ඇතුළත්ව සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සන්නිවේදන ජාලය තුළ සිටින ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු සාවද්‍ය බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුනි.

ඒ අනුව, පැමිණිල්ල නැවත ලබන 25 වනදා කැඳවීමට නියමකළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Related posts

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

colombotoday

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

අදත් මහ බැංකු බැදුම්කර නිකුතුවක් වටිනාකම බිලියන 32.5

Admin