Colombo Today Local NewsUncategorized

මත්ද්‍රව්‍ය සමග තලවතුගොඩ බොත්තමා අත්අඩංගුවට

තලංගම, කිඹූලාවල සහ තලවතුගොඩ යන ප්‍රදේශවලදී අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර නාලක වන්නිආරච්චිගේ ටෙරන්ස් දීපාල් නැමති පුද්ගලයාද සිටින බව පොලීසිය පවසයි. ඔහුව “තලවතුගොඩ බොත්තමා” යන නමින් ද ප්‍රසිද්ධය.

තලංගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 140ක් සහ හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 800ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 30, 34 සහ 44 වයස් වල පසුවන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය පැවසීය

සැකකරුවන් අද (01දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අතර අතුරුගිරිය පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 106ක් සහ රුපියල් ලක්ෂ 6කට අධික මුදලකක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගනෙ තිබේ.

ඊයේ (31)දින පොලිස් විශේෂකාර්ය බළකායේ බුද්ධි කොට්ඨසයට ලද තොරතුරකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

යාපනයේ පාසල් වැසෙයි

colombotoday

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

colombotoday

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

ගෝඨාභය ගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන මාධ්‍යට….[PHOTOS]

colombotoday

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday