Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් ‘තාවකාලිකව’ ඉවත් කිරීමට අගමැති එකගයි.. කිළිකුණු හෝදා නැවත අධිපතිකමට ගතහැකියි !

arjun mahendran

මහා පරිමාණ දූෂණ චෝදනා එල්ලවී ඇති සිංගප්පූරු ජාතික අර්ජුන් මහෙන්ද්‍රන් චෝදනා සම්බන්ධ පරීක්ෂණ නිමාවන තුරු නැවත වරක් මහබැංකු අධිපති ධුරයට පත් නොකිරීමට අගමැතිවරයා එකවවී ඇත.

බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා අවසන් වන තෙක් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තාවකාලිකව එම ධුරයෙන් ඉවත් කරන ලෙස පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සිවිල් ක්‍රියාධරයන් සෙනසුරාදා රාත්‍රියේ අගමැතිවරයා හමු වී ඉල්ලා සිටි බව ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියේය.

‘යම් හෙයකින් මහේන්ද්‍රන් මහත්මයා චෝදනාවලින් නිදහස් වුවහොත් නැවත ඔහු එම ධුරයට පත් කළ හැකියි. ඔහු වරදකරු වුවොත් අලුත් අයෙක් ඒ සඳහා පත් කළ යුතුයි’ යැයිද හෙතෙම පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන, විපක්ෂය මෙන්ම ආණ්ඩුවේ ඇතැම් පාර්ශවද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම පීඩනය හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වරෙක ප්‍රකාශ කළේ මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්‌වීම වඩාත්ම සුදුසු දෙය බවයි.පසුගිය වසරේ පෙබරවාරි මස මහ බැංකුව නිකුත් කළ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි පැවසෙන වංචාව හේතුවෙන් මේ වන විට රජයට සිදුව ඇති පාඩුව රුපියන් කෝටි පන්දහස ඉක්මවන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති. දෙවැනි වරටත් පසුගිය මාර්තු 29 දින බැඳුම්කර නිකුතුවේදීද වංචාවක්‌ සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

 

Related posts

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු අරඹයි

Admin

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

colombotoday

යොවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට මුස්ලිම් පල්ලිය කරන කුමන්ත්‍රණය !

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

ජනපතිවරුන්ගේ වෙඩි නොවදින රථ සමගින් කොටින්ගේ නෞකාවක් මහ සයුරේ ගිල්වා දැමුණේ මෙහෙමයි (PHOTOS)

colombotoday

“ඡන්දයෙන් බැරිනම්, නැවතත් උණ්ඩයෙන්“ – සම්බන්ධන් අනතුරු අගවයි

colombotoday