Colombo Today Local News

අටලුගම ජනතාව අත්තනෝමතිකව හැසිරෙනවා නම් තවත් දිගු කලක් හුදෙකලා වේවි – යුද හමුදාපති

දිගින් දිගටම අත්තනෝමතිකව කටයුතු කරමින් සෞඛ්‍ය අංශවලට සහයෝගය නොදී සමස්ත කළුතර ජනතාව අනතුරේ හෙළනවා නම් අටලුගම ජනතාවට තවත් දීර්ඝ කාලයක් හුදෙකළා වී සිටීමට සිදුවේ යැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (04)දින පැවැසීය.

සුළු පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් සමස්ත කළුතර ජනතාවම අනතුරේ හෙළීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් සෞඛ්‍ය අංශ වෙත පූර්ණ සහයෝගය ලබාදී සමස්ත කළුතර ජනතාවම ආරක්ෂා කරගැනීම⁣ට පියවර ගන්නා මෙන් තමා අටලුගම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දිවා රෑ නොබලා දැඩි වෙහෙසකින් යුතුව කොවිඩ්-19 මර්ධනයට ගෙන යන සුවිශේෂි වැඩපිළිවෙළට ඇතැම් සුළු පිරිසක් සහයෝගය නොදී කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බවත් තවදුරටත් සහයෝගය නොදී කටයුතු කරන්නන්ට එළෙස කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් යුද හමුදාපතිවරයා කීය.

Related posts

වන්නි රණවිරුවන්ගේ ඉරණම තීන්දු කරන්න “යුද අපරාධ විමර්ශන විශේෂ පනත” එයි

colombotoday

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday

ජනපතිගේ නව බද්ද

Admin

“මට කෝටියක් ලැබුණු බව ඇත්තයි.. සාමාන්‍ය අයට වඩා අපට වරප්‍රසාද හිමියි“ – රාජිත

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

colombotoday