Colombo Today Local News

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන්
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කියයි.

පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කර ඇති බවත් එමගින් තත්පරයකට ඝණ අඩි 6500 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට මුදා හරින බවයි.

ඉදිරියේ පවතින වැසි තත්වය මත මෙය වෙනස් විය හැකි බැවින් ගඟ දෙපස පදිංචිව සිටින පිරිස් සහ ගඟ භාවිතා කර පිරිස් ඉතා අවධානයෙන් සිටිය යුතු බවත් කාර්ය භාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

අජිත් පි පෙරේරාගේ ජාතකේ කතා කල තෙවරප්පෙරුමගේ නි.ඇමතිකම නැති වෙන ලකුණු

colombotoday

තවත් ගල් අඟුරු මගඩියක් අත ළඟ !

colombotoday