Colombo Today Local News

නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න – පොලීසිය

කොළඹ මහල් නිවාස කිහිපයක හුදකලාභාවය ඉවත් කළ ද එම ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කෙසේවෙතත් හුදකලා තත්ත්වය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල පවා සිය සංචරණය සීමා කිරීම අත්‍යාවශ්‍ය බවය.

අද (12)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“පොලිස් බලප්‍රදේශ 9ක් මේ වන විට හුදකලා කර තිබෙනවා. මරදාන, මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය, කොටහේන, දෙමටගොඩ, මෝදර හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්. කෙසේවෙතත් මෙම පොලිස් වසම්වලින් මෝදර, ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පිහිටා තිබු මහල් නිවාස 6ක් අගුලු දැමීමේ ක්‍රියාවලියෙන් ඉවත් කරනු ලැබුවා. ඒ අනුව ඔවුන්ට මහල් නිවාසවලින් පිටතට එම පරිශ්‍රයන් තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේවෙතත් මහල් නිවාසවලින් පිටතට පැමිණ සුපුරුදු පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ නෑ. එයට හේතුව මහල් නිවාස හුදකලාභාවයෙන් මුදාහැරියත් එය පිහිටි පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා කර තිබීමයි.“

එළඹෙන සතිය තුළ ලංකාවේ උත්සව සමයක් උදාවන බවත්, දිනෙන් දින ඉහළ යන කොවිඩ් තත්ත්වය හමුවේ නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවට දැනුම් දෙයි.

Related posts

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑ

Admin

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday

අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලිසියට ඇවිත්

Admin