Colombo Today Local News

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

ජාත්‍යන්තර ආර්ථික ශ්‍රේණිගත කිරීම් ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කල නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණ සමග එකග නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම බී ධන ස්ථාවර කාණ්ඩයේ සිට බී කාණ්ඩය දක්වා පහල හෙලීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකක් ගෙන ඇති තීරණය රටේ සාර්ව ආර්ථික මූලධර්ම මගින් පිළීබිඹු සාධකවලට පටහැනිව සිදු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පෙන්වා දෙන්නේ.

මෑතකාලීන දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද විදේශීය මූල්‍ය අවශ්‍යතා සහ ණය ආපසු ගෙවීමේ වගකීම් ඇතුලුව ආර්ථිකය මත ඇතිවිය හැකි ඕනැම බලපෑමක් අවම කර ගැනීමට ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව මහබැංකුව අවධාරණය කරනවා.

ඒ අනුව මෙරට බැංකු සහ මූල්‍ය අංශය විදේශීය අවදානම්වලට සාර්ථකව මුහුණදීමට හැකි මට්ටමේ බවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ අදහසයි.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල හෝ මූලධර්මවල දුර්වල වීමක් පිළීබද කිසිදු සාක්ෂීයක් නොමැතිව දේශපාලන අස්ථාවරභාවය ඉහලයාම යන කරුණ මත පමණක් පදනම්ව ශ්‍රේණිගත කිරීම් සිදුකිරීම සාධාරණීකරණය කල නොහැකි බවයි මහ බැංකුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම බී ධන ස්ථාවර කාණ්ඩයේ සිට බී කාණ්ඩය දක්වා පහල හෙලීමට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන වන ෆිච් ආයතනය සහ ස්ටැන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් ආයතනය කටයුතු කර තිබුණා.

එය සැලකිල්ලට ගෙනයි ශ්‍රී ලංකා මහ බැංකුව මෙම නිවේදනය නිකුත් කර තිබුණේ.

Related posts

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

colombotoday

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

ෆවුසිටත් ඇමති ධූරයක්

colombotoday

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

හම්බන්තොට සදළුගම මුස්ලිම් ගම්මානයේ පිරිසක් යුවලකට පහර දෙති. ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

colombotoday