Colombo Today Local NewsUncategorized

ළමා අපචාරකයන්, ස්ත්‍රී දූෂකයන් “හිරිවට්ටන විදිහේ” නීතියක් ගෙනෙන්න යයි

child abuseළමා අපචාර හා ස්ත්‍රී දූෂණවලට වැරදිකරුවන් වන අය වන්ධ්‍යාභාවයට (පුරුෂ ශක්තිය සිදීමට)පත් කිරීමේ නීති ගෙන ඒම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්ඡා කෙරෙමින් පවතී. රසායනික ද්‍රව්‍යයක් එන්නත් කිරීම මගින් එම වැරදිකරුවන් වන්ධ්‍යාභාවයට පත් කිරීමට පිළිබද අවධානය යොමු වී ඇති බවත් මේ වන විට ලෝකයේ රටවල් විසි පහකට ආසන්න ප්‍රමාණයක ස්ත්‍රී දූෂණ සදහා වැරදිකරුවන් වන පුද්ගලයන්ට මෙම දඩුවම පැමිණවීම නීතියෙන් බලාත්මක කර තිබෙන බව ඔවුහු පවසති.

ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර වලට වරදකරුවන් වන පුද්ගලයන්ට මරණ දඩුවම වෙනුවන ඔවුන‍්ගේ පුරුෂ ශක්තිය හීන කිරීම වැනි දඩුවමක් පැමිණවීම වඩාත් උචිත බව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී වාසුදේව නානායක්කාර මහතාද ප්‍රකාශකර තිබිණි. ඒ ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර වලට වැරදිකරුවන් වන අයට මරණ දඩුවම දිය යුතුද නැද්ද යන්න පිළිබදව පැවති පාර්ලිමේන්තු විවාදයේදී ය.

එමෙන්ම පසුගිය දිනක ඉන්දියානු අධිකරණය් විසින්ද මෙම වන්ධ්‍යාකරණ (පුරුෂභාවය සිදීමේ) දඩුව පැමිණවීම ඉන්දියාව තුළද ක්‍රියාත්මක කළ යුතු යැයි යෝජනා කර තිබිණි.

Related posts

දේවගැති ජෙරම් යළි රිමාන්ඩ්

Admin

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday