Colombo Today Local News

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව අත්හිටුවයි… ඊයේ උසාවිය දුන් තීන්දුව මෙන්න

ගාල්ල වරාය අසල මුහුදේ පාවෙන අවි ගබඩාවක්‌ පවත්වාගෙන යැමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට විශාල පාඩුවක්‌ සිදු කළැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ අංක 59287/10/16 දරන නඩුව විභාග කිරීම ඇතුළු ඊට අදාළ ඉදිරි පියවර ගැනීම වහාම අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (04 වැනිදා) නියෝග කළේය.

මෙම නියෝගය ලබන ඔක්‌. 03 දා තෙක්‌ දැනට බලපැවැත්වෙන අතර නියෝගයේ සහතික පිටපතක්‌ වහාම අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට යවන ලෙස ද අභියාචනාධිකරණය රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය කළේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කරන ලද ප්‍රතිශෝධන අයෑදුම්පත මගින් කර තිබූ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි. එම පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සඳහා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා පෙත්සමේ වගඋත්තරකරු වන අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නොතීසි නිකුත් කරන ලදී.

පෙත්සම් විභාගය ලබන සැප්තැම්බර් 28 සහ ඔක්‌තෝබර් 02 යන දෙදින තුළ පැවැත්වීමට ද නියම කෙරිණි.

Related posts

එළදෙනුන් ගැබ් ගැනීම වසර පහක් තිස්සේ අඩාල වෙලා – දේශීය කිරිපිටි නිෂ්පාදනයේ අඩුවීමක්

colombotoday

ජනපති බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන් කියවා නෑ.. සැබෑ හොරුන් කවුදැයි සැගවීමේ තැතක් !

colombotoday

කිංග්ස්බරී ප්‍රහාරකයාගේ හෙළිවු රහස්

colombotoday

අද පාර්ලිමේන්තුවේ විවාද කරන මාලබේ ස්ලිට් වංචාව Colombo Today හෙලිකලේ 2018 වසරේදී. – අවාසනාවට එකල අවධානයට ලක් වුනේ නෑ

colombotoday

වෙලාව ලැබෙන විදිහට අගමැති‌ගේ පුතත් කෝච්චියේ යනවාලු

Admin

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මරුට

Admin