Colombo Today Local News

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත.

ඒ අනුව එම හෝටලය වසා දමා එහි ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.

කුරුණෑගල රාජධානියේ ආරම්භකයා ලෙස සැලකෙන දෙවැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේදී මෙම ගොඩනැගිල්ල ඉදි කරන්නට ඇති බවට සැලකෙන අතර ඉන් පසුව ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් කුරුණෑගල රාජ මාලිගා පරිශ්‍රය ආශ්‍රිතවම දළදා වහන්සේ වැඩ හිඳුවීමට දළදා මාලිගයක් ඉදි කළ අතර අද එම දළදා මාලිගයේ නෂ්ඨාවශේෂ නටඹුන් අතරින් දක්නට ලැබෙන්නේ ගල් උළුවස්සක කොටසක් පමණි.

කුරුණෑගල නගරය ආවරණය වන පරිදි විශාල කොටසක කුරුණෑගල රාජධානියේ විවිධ කොටස් පැතිර තිබුණද එහි අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස දක්නට ලැබෙන්නේ මෙම රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල පමණි.

දැවයෙන් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල විටින් විට සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් අද වනවිටද මනා තත්ත්වයෙන් පැවතීමද විශේෂත්වයකි.

කුරුණෑගල මහා නගර සභාවට අයත් මෙම ඵෙතිහාසික ගොඩනැගිල්ල මත්පැන් අලෙවිසලක් සහිත හෝටලයකට බදු දී තිබීම පිළිබඳව ජනතාවගෙන් කොපමණ විරෝධතා එල්ල වුවද එම ගොඩනැගිල්ල බද්දෙන් ඉවත් කර පවරා ගැනීමට මෙතෙක් සිටි නගරාධිපතිවරුන් පියවර ගෙන නොතිබීමද විශේෂ කරුණකි. මේ පිළිබඳව මාධ්‍ය මගින්ද අවස්ථා ගණනාවකදීම කරුණු හෙළි කළද ඊට නිසි ප්‍රතිචාරයක් හිමි නොවීය

Related posts

පාසල් සිසුනගේ දිවා ආහාරයට අමතර රුපියල් බිලියන 4ක්

colombotoday

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday